මතුගම පාසලක සිසුන් පිරිසක් වාර්ෂික අධ්‍යාපන චාරිකාවක් සඳහා ගමන් කරන අතරතුර වරකාපොල ප්‍රසිද්ධ හෝටලයකින් ආහාර ලබාගැනීමෙන් අනතුරුව ඒවා විෂවී ප්‍රතිකාර සඳහා වරකාපොල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
පාසලේ හය ශ්‍රේණියේ හා හත ශ්‍රේණියේ සිසුන් පිරිසක් මෙම සිදුවීමට මුහුණ දී තිබේ. කලින් ලබාදුන් ඇනවුමක් අනුව මෙම ආහාර සකස් කර තිබුණි.
කෙසේ වෙතත් ආහාර ලබාගත් සිසුන් අසනීපව රෝහල් ගත කර තිබේ. අනතුරුව ඔවුන්ට මූලික ප්‍රතිකාර ලබාගැනීමෙන් පසුව රෝහලෙන් පිටව ගොස් තිබේ.