ආසියානු කුසලාන 20යි විස්ස ක්‍රිකට් ශූරතාව සහ ආසියානු දැල්පන්දු ශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම් හෙට (13) කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතය.
කණ්ඩායම් දෙක හෙට පෙරවරුවේ කටුනායකට පැමිණිමෙන් අනතුරුව ඔවුන්ව විශේෂ රථ පෙළපාළියකින් ශ්‍රී ලංකා ක්රිකට්ආයතනයට හා ක්‍රීඩා අමත්‍යාංශ සංකීර්ණයේ දැල්පන්දු සම්මේලන මූලස්ථානය වෙත කැඳවාගෙන ඒමට නියමිතය.
ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැඟත් රථ පෙළපාළිය කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළින් හෙට පෙරවරුවේ ගමන් ආරම්භ කිරීමට නියමිත අතර එය කොළඹ - මීගමුව මාර්ගයේ පෑලියගොඩ හන්දිය, මරදාන හන්දිය, ඩාර්ලි පාර, යූනියන් පෙදෙස, ඇලෙක්සැන්ඩ්රා පාර ඔස්සේ නිදහස් මාවතට පැමිණීමට නියමිතය.
ක්‍රීඩා අමාත්‍යාංශය, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ශ්‍රී ලංකා දැල්පන්දු සම්මේලනය එක්ව මෙය සංවිධානය කරයි.
