ආසියාවේ ධනවත්මන නලුවා බවට සුපිරි ඉන්දීය නලු ෂාරුක් ඛාන් නවතම ශ්‍රේණිගත කිරිම්වලදී නම්ව තිබේ. ශාරුක් ඛාන්ගේ වත්කම ඇමෙරිකානු ඩොලර් මිලියන 770ක් ලෙසට ගණන් බලා ඇති අතර ඔහු ලෝකයේ ධනවත්ම නලුවන් අතර සිව්වැනි ස්ථානයට පත්ව තිබේ.
ටොම් කෘස්, ජැකී චෑන් මා ජෝර්ජ් ක්ලූනි වැනි නලුවන් අබිබවමින් ශාරුක් මෙසේ ඉදිරියට පැමිණ ඇති බව වර්ල්ඩ් ඔෆ් ස්ටැටිස්ටික්ස් විසින් නිකුත් කරන ලද ලොව ධනවත්ම නළුවන් අට දෙනාගේ ලැයිස්තුව පෙන්වා දෙයි.
මේ වසරේ ෂාරුක්ගේ පළමු චිත්‍රපටය ලෙස පතාන් සමඟ නැවතත් ප්‍රේක්ෂකයන් හමුවට පැමිණිමට ෂාරුක් සූදානමින් සිටියි. මෙය ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස සැලකෙයි.
මෙම ලැයිස්තුවට අනුව ලෝකයේ ධනවත්ම නළුවා වන්නේ ඩොලර් බිලියන 1යක වත්කමක ඇති ජෙරී සෙයින්ෆෙල්ඩ් ය. ඔහුට පසුව ටයිලර් පෙරී, ඩ්වේන් ජොන්සන් දෙවැනි හා තෙවැනි ස්ථානයේ පසුවෙයි.