ශ්‍රී ලංකාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාර ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වී ඇති බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදි විශේෂ ප්‍රකාශයක් කරමින් පැවැසීය.
"අපට ණය ලබාදී ඇති රටවල් සමග එකඟතාවයකට ආ පසු ලන්ඩන් ක්ලබ් පෞද්ගලික ණය හිමියන් සමගත් සාකච්ඡා කරනවා. ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සම්බන්ධයෙන් ඔවුන් සමගත් එකඟත්වයකට එන්න බලාපොරොත්තු වෙනවා.
එකඟත්වයට පැමිණීමෙන් අනතුරුව අපිට අයි.එම්.එෆ්. සහතිකය ලබා ගන්න පුළුවන්. දැනටමත් ආසියානු සංවර්ධන බැංකුව අපිට ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක ණය ආධාරයක් ලබාදිමට කැමැත්ත ප්‍රකාශ කර තිබෙනවා.
අයි.එම්.එෆ්. සහතිකය ලැබුණ පසු ලෝක බැංකුවෙන්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇතුළු පාර්ශවලින් අපිට අතරමැදි මූල්‍ය පහසුකම් ලබා ගන්න පුළුවන් වෙනවා. ඒ හරහා ඩොලර් බිලියනයක් දෙකක් ලබා ගන්න අපි බලාපොරොත්තු වෙනවා. "