ආසාදිතයින් වැඩිවිමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාව වසා දමයි
කොවිඩ් 19 ආසාදිතයින් ක්‍රමයෙන් ඉහළ යාමත් සමග මදුරන්කුලිය කර්මාන්ත ශාලාව තාවකාලිකව අද (14 ) සවස වසා දැමු බව මුන්දලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි .
මෙම කර්මාන්ත ශාලාවේ සේවය කල සේවිකාවන් 300 අතරින් 74 දෙනෙකු ජෛව පටල සාම්පල පරික්ෂාවක් දින කිපයකදි කර තිබු අතර මේ වන විට ලැබි ඇති වාර්තා අනුව සේවිකාවන් 26 දෙනෙකු 14 සවස වන විට ආසාදිත වි ඇති බව කියයි.
මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මදුරන්කුලිය කර්මාන්තශාලා පාලනාධිකාරිත්වය සෞඛ්‍ය අංශ හා මුන්දලම පොලිසිය සමග සාකච්ජා කිරිමේන් අනතුරුව තාවකාලිකව කර්මාන්ත ශාලාව වසා දැමිමට තිරණය කර තිබේ .
මේ වන විට ආසාදිත වි ඇති සේවිකාවන් ආණමඩුව ,මුන්දලම ,උඩප්පුව ,මහකුඹුක්කඩවල,පුත්තලම , හා කල්පිටිය ප්‍රදේශවල පදිංචිකාරියන් බව කියයි.
කෙසේ වෙතත් මෙම ආසාදිත සේවිකාවන් හේතුවෙන් පවුල් 200 ක පුද්ගලයින් 500 කට අධික සංඛ්‍යාවක් ස්වයං නිරෝධායනයට යොමු කර ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.
මේ සමග ආසාදිත සේවිකාවන් කොව්ඩ් ප්‍රථිකාර මධ්‍යස්ථාන වෙත රුගෙන යාමට ගිලන් රථ යොදවා තිබුනී.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

