ආසාදිතයින් වාර්තා වු ප්‍රදේශ
දිස්ත්‍රික්ක 25ක ඊයේ (03) දිනයේදීත් දෛනික ආසාදිතයින් වාර්තා වී තිබේ.
ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 3,297 දෙනෙකු හඳුනා ගැනුණු අතර ඉන් 33 දෙනෙකු විදෙස්ගතව සිට මෙරටට පැමිණි අය වෙයි.
ඒ අනුව අඛණ්ඩව දෙවන දිනටත් මෙරටින් වාර්තාවන කොවිඩ් -19 ආසාදිතයින් ගණන 3,000 සේ සීමාව ඉක්මවා ගොස් තිබේ.
පෙරේදා (02) දිනයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 1,004 දෙනෙකු වාර්තා වූ අතර ඊයේ දිනයේදී එම සංඛ්‍යාව 648 ක් දක්වා පහත බැස ඇත.
කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ මෙම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනය තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ද වේ.
මීට අමතරව කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 630 ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 409ක් වාර්තා වී තිබේ.
බදුල්ල 187ක්, ගාල්ල 185ක්, මාතර 141ක්, කෑගල්ල 119ක්, කුරුණෑගල 111ක්, අනුරාධපුරය 97ක්, මහනුවර 94 ක්, මඩකලපුව 85ක්, නුවරඑළිය හා රත්නපුර දිස්ත්‍රික්කවලින් 76 දෙනා බැගින් ආසාදිතයින් වාර්තා වී ඇත.
ඊයේ හඳුනාගත් ආසාදිතයින් ද සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 195,844 ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

