ආවා කල්ලිය පිටුපස දේශපාලන හස්තයක් නෑ
උතුරේ ක්‍රියාත්මක ආවා කල්ලිය පිටුපස දේශපාලන හස්තයක් ක්‍රියාත්මක බවට මෙතෙක් කිසිදු තොරතුරක් වාර්තා වී නැතැයි නීතිය හා සාමය,රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (23දා) ප්‍රකාශ කළේය.
ආවා කල්ලිය හෝ වෙනයම් කවරෙකුට හෝ ප්රචණ්ඩ ක්‍රියාවල නිරත වීමට ඉඩ නොතබන බවත්, ආවා කල්ලියට එරෙහිව කෝපායි, මනිපායි, චුන්නාකම් ආදී පොලිස් ස්ථාන වෙත පැමිණිලි ලැබී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩග්ලස් දේවානන්දා මහතා 27/2 යටතේ මතුකරන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සඳහන් කළේය.
“ආවා කල්ලිය විසින් සිදුකරන ලද විවිධ චෝදනාවලට සම්බන්ධ සැකකරුවන් 38 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. කෝපායි පොලීසිය හැරුණු විට යාපනය පොලීසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
ආවා කල්ලිය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අතර සම්බන්ධයක් ඇති බවට තොරතුරු අනාවරණය කරගෙන නැහැ.ඒ වගේම මේ අය සමග දේශපාලන සම්බන්ධයක් ඇති බවටත් තොරතුරු නැහැ."

popular news
-
සෙනෙවි Friday, 24 August 2018 03:16 PM
එහෙනං ෂුවර් එකටම ඇත්තෙ ඔහේගෙ පක්ෂයේ සම්බන්ඳයක්
Reply : 0 29
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

