උඩරට දුම්රිය මාර්ගයේ ආරුක්කු නවය පාලම අසලදී අද විසිදෙක හැවිරිදි තරුණියක් දුම්රියේ ගැටී ජීවිතක්ෂයට පත්වී ඇතැයි ඇල්ල පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත් වී ඇත්තේ අංක 19 මුල්ලරාව කිතල්ඇල්ල පදිංචි විසිදෙක හැවිරිදි තරුණියකි.
කොළඹ සිට බදුල්ල බලා ධාවනය වෙමින් තිබූ තැපැල් දුම්රියේ හැපී මෙම තරුණිය ජීවිතක්ෂයට පත් වී තිබේ.
අද උදෑසන ඇල්ල ආරුක්කු නමය පාලම පසුකර මීටර් දෙසීයක් පමණ දුරින් මෙම තරුණිය දුම්රියේ ගැටී එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වී ඇතැයිද පොලිසිය කියයි.
මියගිය තරුණිගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා බදුල්ල මහ රෝහලේ තැන්පත් කර තිබේ.
ඇල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.