ආර්ථික සභාව සතිපතා රැස්වෙයි
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ ආර්ථික සභාව සතිපතා රැස්වීමට තීරණය කර තිබේ.
සාර්ව ආර්ථික ප්‍රතිපත්ති, කොවිඩ් 19 වසංගත තත්ත්වයෙන් පසුව ජාතික ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය, ආර්ථිකය ප්‍රතිව්‍යුහ ගත කිරීම, රජයේ ආර්ථික ප්‍රතිපත්ති හා මූල්‍ය ප්‍රතිපත්ති සඳහා සෘජු බලපෑමක් ඇති කරන ප්‍රධාන සංවර්ධන ව්‍යාපෘති ඇතුළුව දේශීය ආර්තික ප්රතිපත්තීන් පිළිබඳව වඩාත් ගැඹුරින් සාකච්ඡා කරන සමස්ත ආර්ථික කළමනාකරණය සිදු කිරීම මගින් ආර්ථික වර්ධනය වේගවත් කිරීමට මෙම ආර්තික සභාව ස්ථාපිත කර තිබේ.
ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා සභාපතිත්වය දරණ මෙම සභාව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා, මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, ජනපති ලේකම් ගාමිණී සේනරත්, භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල, නියෝජ්‍ය මහ බැංකු අධිපති ධම්මික නානායක්කාර යන මහත්වරු මෙම ආර්ථික සභාවට ඇතුළත් වෙති.
popular news
-
sg Tuesday, 08 March 2022 06:53 PM
Without expert people, this council is meaningless...
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

