ආර්ථික මධ්‍යස්ථානවලට ගෙනෙන එළවළු තොග නිසි ලෙස විකුණා ගන්න ගොවීන්ට නොහැකි වෙලා
ගොවි ජනතාව ආර්ථික මධ්‍යස්ථානවලට හා මැනිං වෙළෙඳ පොළට රැගෙන එන සීමිත එළවළු තොග ප්‍රමාණයවත් නිසි ලෙස විකුණා ගැනීමට නොහැකි වී තිබෙන බවත්, මෙය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයක් බවත් සීමා සහිත සමස්ත ලංකා ඒකාබද්ධ විශේෂිත ආර්ථික මධ්‍යස්ථාන හා මැනිං වෙළෙඳ සමිතිය සඳහන් කරයි.
පවතින ඉන්ධන හිඟය නිසා ගොවීන් රැගෙන එන එළවළු තොග මිලදී ගැනීමට තොග වෙළෙඳුන් හා සිල්ලර වෙළෙඳුන් පැමිණීම මේ වනවිට විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ආර්ථික මධ්‍යස්ථානවලට හා මැනිං වෙළෙඳ පොළට රැගෙන එන එළවළු තොග විකුණා ගැනීමට නොහැකි වී තිබෙන බවත් එම සංගමයේ ජාතික සංවිධායක එච්.එම්. උපසේන මහතා පැවසීය.
පවතින තත්ත්වය තුළ ආර්ථික මධ්‍යස්ථානවලට හා මැනිං වෙළෙඳ පොළට රැගෙන එන සීමිත එළවළු තොගවලින් 20%ක් පමණ දෛනිකව මේ වනවිට අපතේ දැමීමට සිදුව තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.
පොහොර ගැටලු කෘෂිරසායනික ගැටලු නිසා මෙම මධ්‍යස්ථාවලට සාමාන්‍ය දිනකදී ලැබෙන එළවළු තොගවලින් 70%කට ආසන්න ප්‍රමාණයක් අඩු වී තිබෙන බවත්, මේ අනුව මෙම මධ්‍යස්ථාවලට ලැබෙන 30෴ක පමණ ප්‍රමාණයෙනුත් සැලකිය කොටසක් අපතේ යන බවත් එච්.එම්. උපසේන මහතා සඳහන් කළේය.
පවතින එළවළු හිඟය නිසා එළවළු මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, මේ නිසා පාරිභෝගික ජනතාවත් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින අතර, පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජය මැදිහත් වී හෝ එළවළු තොග රට පුරා බෙදාහැරීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් හෙතෙම පවසා සිටියේය.
ඉන්දික හේවාවිතාරණ
popular news
-
Deepal Nirosh Wednesday, 15 June 2022 06:49 AM
මෙහෙන් රජයේ සේවකයන්ට ගෙවතු වගා කරන්න කියනවා, අරහෙන් වගා කරපු ගොවීන්ගේ අස්වනු විකුණගන්න බැරුව අහක යනවා. තමුන් ඉටු විය යුතු කාරිය මොකද්ද කියලවත් මේ බලධාරීන්ට තේරුමක් නැහැ වගේ.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

