2019 නොවැම්බර් සිට වර්ථමානය දක්වා රටේ ආර්ථික පසුබෑම සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් පිහිටුවන ලෙස ඉල්ලමින් විපක්ෂයේ මන්ත්‍රීවරැන් කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කර තිබේ.
විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුලු සමගි ජන බලවේගය, ඩලස් අලහප්පෙරැම මහතා ප්රමුඛ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායම නියෝජනය කරන මන්ත්‍රීවරැන් සහ දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් මන්ත්‍රීවරැන් එම ලිපිය අත්සන් කර ඇති අතර, එම ලිපිය අද (20දා) කථානායකවරයාට ලබා දුන්හ.
ඒ අනුව මෙරට ආර්ථික පරිහාණියට අධි උද්ධමන තත්ත්වයකට රටේ උද්ධමනය පත්වීම, අදාල කාලසීමාවේ වගකීම් දරන පුද්ගලයන් නිසි පරිදි කාර්ය භාර්ය ඉටු නොකිරීම, නිසි බලධාරීන් ආර්ථික අර්බුදය වැලැක්වීමට ප්‍රමාණවත් පියවර නොගැනීම, රාජ්‍ය යාන්ත්‍රණයේ අඩුපාඩු තිබුණේද සොයා බැලිය යුතු බවට අදාල ලිපියේ කරැණු වශයෙන් සඳහන් කර ඇත.
මෙහිදී කාරක සභාවට සහය වීම පිණිස අදාල ක්ෂේත්රවල විශේෂඥයන්ගේ සහ ප්රවීණයන්ගේ සේවය ලබා ගත යුතු බවටද එහි සඳහන් කර තිබේ.
මෙම කාරක සභාව රැස්වන පළමු දිනයේ සිට මාස 03ක කාලයක් තුළ කාරක සභාව විසින් සිය වාර්ථාව පාර්ලිමේන්තුවය ඉදිරිපත් කළ යුතු බවද අදාල ලිපිය මගින් වැඩිදුරටත් සඳහන් කර ඇත.
