රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේ චක්‍ර ලේඛය යටතේ මුලින්ම විදෙස් සංචාරයකට එක්වූයේ තමන් බවත් ඒ අනුව තමන් කොළඹ සිට මොස්කව් දක්වා පැය 9ක ගුවන් ගමනක් ආර්ථික පංතියේ ගමන් කළ බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවැසීය. කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
“රාජ්‍ය වියදම් අඩුකර ගැනීමේ චක්‍ර ලේඛය යටතේ ඉස්සෙල්ලාම විදේශ සංචාරයක යෙදුනේ මම. රුසියාවට ගියේ. පැය 9ක් කොළඹ සිට මොස්කව් වලට ඉකොනොමි ක්ලාස් එකේ තමයි ගියේ.මොකද දැන් ඇමතිවරුන්ට කියලා තියෙන්නේ ආර්ථික පංතියේ යන්න කියලා.
ආර්ථික පංතයේ පැය 9ක් ඉදගෙන යන කොට හොඳයි. ඒක ඉතින් හැම කෙනාම කැප කිරීම් කරන්න ඕන. මම ඉතින් යාම් ඊම් දෙකම පැය 9 බැගින් කැප කිරීම් කළා.”