ආර්ථික අර්බුධ කාරීත්තවය නිසා 2022 මාර්තු මාසයේ සිට ලංකාවේ පවුල් 34,48,000 කට ආසන්න පිරිසකගේ ආදායම් පහලගොස් ඇති බව ජන හා සංඛ්‍යාලේඛණ දෙපාර්ත මේන්තුව විසින් 2024.01.04 දින නිකුත් කරන ලද නවතම වාර්තාවකින් පෙනී ගොස් ඇති බවපේරාදෙනිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා සහ සංඛ්‍යයන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා සමඟ කල විමසීමකදී දින අනාවරනය කරන ලදී.
ඒ අනුව සමස්ත ගෘහ ඒකක වලින් 60.5% ක ආදායම් පහල යාමක්පෙ න්නුම් කරන බවද ඔහු සඳහන් කරන ලදී වැඩිම ආදායම් පහල යාමක් පෙන්නුම් කරනු ලාබනුයේ වතු අංශයෙන් වන අතර ඒ තුල සිටින ගෘහ ඒකක 2,70,000 ක ප්‍රමාණයකින් 1,70,000 ආසන්න ප්‍රමාණයක ආදායම් පහල යාමක් පෙන්නුම් කරන බවද කීය.
දෙවනුව ග්‍රාමීය ජනතාවගේ ආදායම් පහලයාමක් පෙන්නුම් කරන අතර ලංකාවේ ග්‍රාමීය ජන ගහානය මිලියන 16.7 ක් බවත් එය මුළු ජනගහනයෙන් 79% ක් බවත් මහාචාර්ය වරයා පැවසීය. ග්‍රාමිය ප්‍රදේශවල ගෘහ ඒකක 45,00,000 කට ආසන්න ප්‍රමානයක් තිබෙන අතර එයින් 27,00,000 ට වඩා වැඩි පවුල් සංඛ්‍යාව මත ආදායම් පහල ගොස් ඇතිබව හෙලිවේ රටේ නාගරික ජනගහනය මිලියන 3.6ක් පමණ වේ.
මේතුල පවුල් 9,50,000 කට ආසන් න වශයෙන් සිටින අතර එම පවුල් වලින් 5,00,000 කට වැඩි ප්‍රමාණයක් ආදායම් පහල යාමක් පෙන්නුම් කරන බව මහාචාර්ය වරයා වැඩිදුරටත් පෙන්නුම්ක රනබව වැඩිදුරටත් පැවසීය.
චන්දන සමරවික්‍රම