ආසියානු කුසලාන ක්රියට් තරගාවලියේ සත්කාරකත්වය ශ්රී ලංකාවට ලබාදීමේ අවසන් තීරණය ඉදිරියේදි ගැනීමට නියමිත බව ආසියානු ක්රිකට් කවුන්සිලය ප්රකාශ කර තිබේ.
ආසියානු ක්රිකට් කවුන්සිලයේ සභාපතිවරයා පවසා ඇත්තේ ඉන්දීය ප්රීමියර් ලීග් ක්රිකට් තරගාවලිය පැවැත්වෙන අවසම් දිනයේදී මේ පිලිබඳව සාකච්ඡා කිරීමට සූදානම් බවයි.
පවතින තත්වය සහ අර්බුදකාරී වාතාවරණය පිලිබඳව ක්රිකට් ක්රීඩාවට බලපා ඇති ආකාරය ශ්රී ලංකා ක්රිකට් බලධාරීන් සමග සාකච්ඡා කල බවද සභාපතිවරයා විදෙස් මාද්ය වෙත ප්රකාශ අර තිබේ.
මේ අනුව එලැඹෙන මැයි 29 වැනි දින පැවැත්වීමට නියමිත IPL තරගාවලිය නැරඹීමට පැමිනෙන ක්රිකට් බලධාරින් සමග මෙර් පිලිඹඳ සාකච්ඡා කර අදාල ක්රිකට් තරගාවලිය පැවැත්වීම සම්බන්දයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවත් ඔහු සඳහන් කර තිබේ.
ආසියානු කුසලාන 20-20 ක්රිකට් තරගාවලිය අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් 11 වෙනි දින දක්වා ශ්රී ලංකාවේ පැවැත්වීමට නියමිතව ඇත.