ආර්ථිකයේ ඉහළ ඔරොත්තුදීමේ හැකියාව පෙන්නුම් කරනවා
දිට්වා සුළි කුණාටුව හේතුවෙන් පසුගිය වර්ෂයේ (2025) අගභාගයේ දි ආර්ථික ක්‍රියාකාරකම් මන්දගාමිවුවද දැනට පවතින ඉදිරි ආර්ථික දර්ශක අනුව ආර්ථිකයේ ඉහළ ඔරොත්තුදිමේ හැකියාව පෙන්නුම් කරණ බව ශ්‍රිලංකා මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවක සදහන් වේ.
වාණිජබැංකු සහ අනිකුත් මුල්‍ය ආයතන මගින් පුද්ගලික අංශය වෙත ලබාදුන් ණය ප්‍රමාණය ඉකුත් වර්ෂයේ දි අඛණ්ඩව කැපිපෙනෙන ලෙස ප්‍රසාරණය වි ඇති බවද මහබැංකු වාර්තාවේ සදහන් වේ. ඉහළ යමින් පවතින ආර්ථික ක්‍රියාකාරකම් සහ වාහන ආනයනය ඉහළයාම මධ්‍යයේ ණය සදහා පවතින ඉල්ලුම ඉහළයාම මේ තුලින් පෙනියන බවද මහබැංකුව පවසයි.
සුළි කුණාටුවේ බලපැමෙන් පසුව සිදුකරණු ලබන නැවත ගොඩනැගිමේ කටයුතු හේතුවෙන් ණය වර්ධනයේ මෙම ප්රවනතාවය අඛණ්ඩව පවතින බවට මහබැංකුව අපේක්ෂා කරණ බවද එම වාර්තාවේ සදහන් වේ. පසුගිය වසර තුල විශාල ණය සේවාකරණ ගෙවිම් සිදුකළද 2025 වර්ෂය අවසන්වනවිට දළ නිල සංචිත ඇමරිකානු ඩොලර් බිලියන 6.8 දක්වා ඉහළ නංවා ගැනිමට හැකිවු බවද මහබැංකුව විසින් නිකුත්කොට ඇති වාර්තාවේ වැඩිදුරටත් සදහන් වේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

