ආර්ථිකයට වැදගත්ම වයස් කාණ්ඩයේ මරණවලට හේතුව මෙන්න
වයස අවුරුදු 15-44 අතර ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ මරණ වලට ප්‍රධානතම හේතුව සහ එම වයස් කාණ්ඩයේ ප්‍රධානතම සෞඛ්‍ය ගැටලුව අනතුරු වන බවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ බෝ නොවන රෝග ඒකකය අනාවරණය කරයි.
එම ඒකකය පෙන්වා දෙන්නේ අනතුරු වලට ගොදුරුවන්නන්ගෙන් බහුතරයක් ආර්ථික වශයෙන් ඵලදායී වයස් කාණ්ඩයේ වීම හේතුවෙන් සහ රෝගී සත්කාර සඳහා වන සෞඛ්‍ය පිරිවැය ඉහළ යාම හේතුවෙන් මෙරට ආර්ථිකයට අනතුරු හේතුවෙන් වන බලපෑම අතිමහත් වන බවයි.
ඇස්තමේන්තු වාර්තා අනුව මෙරට තුළ දිනකට පුද්ගලයන් 32-35 අතර සංඛ්‍යාවක් අනතුරු හේතුවෙන් මිය යන අතර සෑම පැය 03කට වරක් පුද්ගලයන් 04 දෙනෙකු පමණ අනතුරු හේතුවෙන් මිය යන බව ගණන් බලා තිබේ.
එසේම ශ්‍රී ලංකාව තුළ සිදුවන මරණ වලට ප්‍රධානතම හේතුන් 10 අතරට හදිසි අනතුරු ඇතුලත් වන අතර සෑම වසරකම පුද්ගලයන් මිලියන 3-4ත් අතර සංඛ්‍යාවක් වෛද්‍ය ප්‍රතිකාර ලැබීමට සුදුසු ආකාරයේ අනතුරක් සිදු කර ගන්නා බව සඳහන්ය.
ඒ අනුව මිලියන 1.2 කට අධික පිරිසක් අනතුරු හේතුවෙන් ප්‍රතිකාර සඳහා රජයේ රෝහල්වලට පමණක් ඇතුලත් කරනු ලැබෙන බවත් වාර්ෂිකව 12,000ක් පමණ මරණයට පත්වන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
මේ අතර සෑම වර්ෂයකම ජුලි මස පළමු සතිය ජාතික අනතුරු වැළැක්වීමේ සතිය ලෙස බෝ නොවන රෝග අංශය විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර ඒ අනුව මෙම වසරේදී එය මේ මස 03 වැනිදා සිට 07 වැනිදා දක්වා අඛණ්ඩව 08 වැනි වරටත් පවත්වනු ලැබේ.
මෙහිදී මාර්ග සුරක්ෂිතතාව, දියේ ගිලීම් වලින් ආරක්ෂා වීම, නිවෙස්, වැඩිහිටි නිවාස, වැඩකරන ස්ථාන, පාසල්, පෙර පාසල් සහ දිවා සුරුකුම් ස්ථානයන්හි සුරක්ෂිතතාව පිලිබඳ ජනතාව දුනුම්වත් කිරීම සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත.
popular news
-
Wimal Wednesday, 05 July 2023 09:59 AM
14 45 age group , Every body is in a mighty hurry . To make quick buck or go to school ,office or workplace. School children gets dropped off by parents in motor cycles. All these people don’t live in the moment . So the solution is slow down and don’t compare yourself with other people.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

