ශ්‍රී ලංකාවේ තෙවැනි කාර්තුවේදී ආර්ථික වර්ධනය සියයට 1.6කින් ධන වී ඇති බව ජන හා සංඛ්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා පවසන්නේ 2021 වසරේ අවසාන කාර්තුවෙන් පසුව ශ්‍රී ලංකා ආර්ථිකය ධන ආර්ථික වර්ධනයක් පෙන්වූ පළමු අවස්ථාව මෙය බවයි.
උද්ධමනය මධ්‍යස්ථ කිරීම, ශක්තිමත් වන මුදල් ඒකකය සහ අඩු පොලී අනුපාත හේතුවෙන් මෙසේ ආර්ථිකයේ ප්රසාරණයක් සිදුව තිබේ.
ශ්‍රි ලංකාවේ කෘෂිකාර්මික අංශය පෙර වසරට වඩා 3% කින් වර්ධනය වූ අතර කාර්මික නිෂ්පාදනයේ 0.3% ක වර්ධනයක් සමඟ සේවා 1.3% කින් වර්ධනය වී ඇත.
2022 දී ශ්‍රී ලංකා ආර්ථිකය 7.8% කින් සෘණ ආර්ථික වර්ධනයක් අපේක්ෂා කළ අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සඳහන් කළේ මේ වසර අවසානයේදී සෘණ 3.6% ක වර්ධනයක් අපේක්ෂ කරන බවයි.
ශ්‍රී ලංකා ආර්ථිකය ලබන වසරේදී 1.8% කින් වර්ධනය වනු ඇතැයි පුරෝකථනය කර තිබේ.
පසුගිය සැප්තැම්බර් මාසයේ උද්ධමනය 70% සිට නොවැම්බර් මාසයේදී 3.4% දක්වා අඩුවීමට සමගාමීව, වර්ධනය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව ජුනි මාසයේ සිට පොලී අනුපාත පදනම් ඒකක 650කින් අඩුකර තිබේ.