ආර්ථික කටයුතු සඳහා යොදා ගත නොහැකි රජයේ ඉඩම් වන වගාවට
රජයේ ආයතන සතු එලදායි ලෙස ආර්ථික කටයුත්තකට යොදා ගත නොහැකි ඉඩම් වන සංරක්ෂක දෙපාර්තමේන්තුවේ කඩිනම් වන වගා වැඩසටහනට යොදා ගැනීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩම් අතුරින් මේ වන විට ආර්ථික භෝග වගාවලින් තොර හා වන ගහනය 65%ක් ඉක්මවා ඇති සියලුම ඉඩම් හා ශ්‍රී ලංකා කජු සංස්ථාව සතු ඉඩම්වලින් දැනටමත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමග ආරම්භ කර ඇති මිශ්‍රවන වගා වැඩසටහනේ ප්‍රගතිය අනුව හඳුනාගත් ඉඩම්ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන ලබන වන ආවරණ ඉහළ දැමීමේ කඩිනම් වැඩසටහනයට මේ අනුව යෙදා ගැනීමට නියමිතය.
ඒ අනුව එම ඉඩම් පවරාගැනීම සඳහා මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා ලෙස ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාවට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
මෙරට වන ආවරණය මුළු භූමි ප්‍රමාණයෙන් 29.7%ක් පමණ වන අතර එය 2030 වසර වන විට 32%ක් දක්වා වැඩි කර ගැනීමට රජය ඉලක්ක කර තිබේ. ඒ සඳහා තවත් හෙක්ටයාර් 148000ක් පමණ භූමි ප්‍රමාණයක වන වගවා ව්‍යාප්ත කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ.
එම ඉලක්කය සපුරා ගැනීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු ඉඩම් ප්‍රමාණවත් නොවන අතර වෙනත් රාජ්‍ය හා පෞද්ගලික ඉඩම් මෙම වැඩසටහනයට යොදා ගැනීමට අවධානය යොමුව තිබේ.

popular news
-
SHAN Wednesday, 19 June 2019 02:05 PM
රජට අයත් කිසිම වනාන්තරයක කිසිම කාර්යක් කිරීමට පෙර අදිකරණයේ අවසරය ලබා ගත යුතුය කියන නීතියක් අපේ රටට ගෙන එන්න ඕනේ එතකොට එක එක දෙසපලුවන්ට ඕනේ විදිහට වනාන්තර උන්ගේ හෙන්චයියන්ට හා උන්ට මුදල් දෙන උන්ට පුජා කරන එක නතර වෙනවා මේ සදහා ජනතාව පෙළ ගැසී විශාල බලපෑමක් කරන්න ඕනේ එන චන්දයට කලින් මේ කාර්ය කරන ලෙස නැතිනම් කිසිම පක්ෂයකට කිසිම චන්දයක් ලබා නොදීමට මහා සංගරත්නය ජනතාව පොලබවන්න ඕනේ ජනතාවට රජය පාලනය කරන්න බැරි උනාට සංගරත්නය එක කරන්න පුළුවන් එකෙක් ඇවිත් විපත්තුව කපනවා අනෙක ඇවිත් සින්හරජේ කපනවා ඊලග එක ඇවිත් කදුකරයේ වැසි වන්නතර කපනවා මේ කාලකන්නි දෙසපලුවෝ කිසිම දාක මේ රට ගොඩ ගන්නේ නැහැ ජනතාව ගොනාට අන්දලා චන්දෙ අරන් මුන් රජ වෙලා රට වනසනවා බොරුවට තැන තැන වල තප්පුලන් නැතිව පුළුවන් නම් ජේ වී පී එක මේක කරන්න බැරිනම් ජනතාවට හෙනයක් නොවී ඔය පක්ෂේත් ඉවත් කර ගන්න
Reply : 0 0
SHAN Wednesday, 19 June 2019 02:08 PM

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.