ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට නව සභාපතිවරයෙකු සහ උප සභාපති වරයෙකු තෝරා පත්කර ගැනීමේ ඡන්ද විමසීම අද 15 දෙවන වරටත් ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වීය.
මෙම දෙවන ඡන්ද විමසීම ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේදී පැවැත්වු අතර වයඹ පළාත් පාලන කොමසාරිස් එච්. එම්. එස්. හේරත් මහත්මියගේ මෙහෙය වීමෙන් මෙහෙයවීමෙන් සහ පක්ෂ විපක්ෂ මන්ත්‍රී වරු 22කුගේ සහභාගීත්වයෙන් පැවැත්වීය .
ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට තේරි පත්ව ඇති සභීක සංයුතියට අනුව ජාතික ජනබලවේගයෙන් මන්ත්‍රීවරුන් 10ක්, සමගි ජනබලවේගය පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 06ක්, එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 01ක්, ශ්‍රීලංකා පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 02ක්, ස්වාධීන කණ්ඩායමෙන් මන්ත්‍රීවරුන් 01ක්, මහජන සංධානයෙන් මන්ත්‍රීවරුන් 02ක් වශයෙන් සමස්ථ මන්ත්‍රී වරුන් 22 පත්ව ඇත.
මෙම ඡන්ද වීම ප්‍රථමවරට ඉකුත් දින සිදුකෙරුනත් ඒකාබද්ධ විපක්ෂය රහස් ඡන්දයකට විරුද්ධව සභා ඝර්භයෙන් පිටතට යාමත් සමග ඝනපූර්ණය නොමැති වීමෙන් සභාපත්සහ උපසභාපති තේරීමේ කටයුත්ත දින නියමයක් නොමැති විසින් කල් දැමීය.
මෙහිදී ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවට නව සභාපති වරයෙකු පත් කරගැනීම සඳහා වු කොමසාරිස් දැනුම් දීමට අනුව ජාතික ජනබලවේගෙය පක්ෂයෙන් එස්. ජේ. එම්. ජයරත්න ජයසේකරගේ නම එම පක්ෂයෙන් යෝජනා වූ අතර පොදු විපක්ෂයේ කණ්ඩායමෙන් මරියන් සුභාකරන්ගේ නම යෝජනා විය.
මෙහිදි කොමසාරිස් වරිය දෙදෙනෙකු එම ධූරය සඳහා යොජනාවී ඇති හෙයින් ඡන්ද විමසීමක් කළයුතු බව සභාවට පැවසු අවස්ථාවේ එය රහස් ඡන්දයක් වියයුතුබව ජාතික ජනබලවේය කණ්ඩායම යෝජනා කළ අතර එය විවෘත ඡන්දයක් වියයුතුබව පොදු විපක්ෂ කණ්ඩායම යෝජනා කළහ.
ඒ අනුව කොමසාරිස් වරිය විසින් විවිධ වාග්ප්‍රහාර මධ්‍යෙය් නීථ්යානූකූ රහස් ඡන්දයකට පිවිසුන අතර රහස් ඡන්දයක් සුදුසු බවට ඡන්ද 12ක් පක්ෂව ලැබුන අතර ඊට විරැද්ධව ඡන්ද 09ක් ප්‍රකාශ විය. මෙහිදී සභාපත්වරයා තෝරා ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවති අතර එහිදී ඡන්ද 13ක් ලබාගත් ජාතික ජනබල වේගය පක්ෂයේ එස් ජේ එම් ජයරත්න ජයසේකර සභාපතිත්වයට පත්වූ අතර පොදු විපක්ෂයෙන් ඉදිරිපත්වූ මරියන් සුභාකරන්ට හිමිවුයේ ඡන්ද 09කි.
උපසභාපති වරයෙකු තෝරා පත්කර ගැනීමේදීද රහස් ඡන්දයක් සුදුසු බවට කළ ඡන්ද විමසීමේදී ඡන්ද 12ක් පක්ෂව ලබාගත් අතර ඒ සඳහා සිදුකළ ඡන්ද විමසීමේදී ඡන්ද 12ක් ලබාගත් ජාතික ජනබල වේගයේ කේ . අජිත් ලක්සිරි පෙරේරා උපසභාපති වශයෙන් තේරී පත්වු අතර පොදු විපක්ෂයෙන් ඉදිරිපත්වූ නිලංක දේවේන්ද්‍ර පෙරේරාට ලබාගත හැකිවූයේ ඡන්ද 10ක් පමණි.
ආරච්චිකට්ටුව ලලිත් නවරත්න
