ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානකරුවන් නැවත රටට පිවිසිලා ද? යන්න පිළිබඳව ප්‍රශ්න කරන සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සංවිධානය සඳහන් කරන්නේ දැඩි පරීක්ෂාවක් යොදවා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බවයි.
2019 දී ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට සම්බන්ධ IS සංවිධානය යළිත් මෙරටට ඇතුළු වී ඇත්දැයි කඩිනම් පරීක්ෂණයක් පවත්වා රටේ ආරක්ෂාව තහවුරු කිරීමට කටයුතු කරන ලෙස පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් පසුගිය 24 වැනිදා ලිපියක් යොමු කරන ලදී.
පසුගිය බදාදා පාර්ලිමේන්තුවේ පැවති අපනයන සහ ආනයන රෙගුලාසි පිළිබඳ විවාදයේදී විපක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා විසින් IS සංවිධානයෙන් පුහුණුව ලැබූ 25 දෙනෙකු මෙරට සිටින්නේ දැයි ප්‍රශ්න යොමු කළහ. ඉන් අනතුරුව මන්ත්‍රීවරුන් අතර වාද විවාද ඇති විය.
මෙහිදී සිදු වූ ප්‍රකාශයන් තුළින් මතුවූ සැකය පදනම් කරගනිමින් සමස්ත ලංකා ජම්ඉයියතුල් උලමා සභාව විසින් මෙම ලිපි යොමු කර තිබේ.
එකී පාර්ලිමේන්තු සැසියේදී සිදු වූ කතාවේ සත්‍ය අසත්‍යතාව සහ පසුගිය කාලයේ මෙන් අදාළ තොරතුරු ලැබී තිබියදීත් කඩිනම් පියවර නොගැනීමෙන් සිදු වූ අනර්ථය පිළිබඳව පුළුල් විමර්ශනයක් ආරම්භ කළ යුතු බව එම ලිපියෙන් පෙන්වා දී තිබේ. එමෙන්ම රටේ ආරක්ෂාව තහවුරු කරන ලෙස මෙම ලිපියෙන් ඉල්ලා තිබීම විශේෂත්වයකි.