ආරක්ෂක නිලධාරිනය කොල්ලකරුවන්ට කොටුවෙයි
හොරණ වවුලුගල මාර්ගයේ පාගමනින් යමින් සිටි පුද්ගලික ආරක්ෂක නිලධාරීනිගේ ගෙල බැඳි රන් මාලය ඇතුළු රුපියල් ලක්ෂ දෙකක පමණ දේපල යතුරු පැදියකින් පැමිණ තිබු නාඳුනන පුද්ගලයන් දෙදෙනකු පිහියක් පෙන්වා මරණීය තර්ජනය කර කොල්ලකා පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි.
සොරාගෙන ගිය දේපල අතර පවුමක් බර රන් මාලයක්, ජංගම දුරකථනය සුළු රුපියල් 2000 ක් තිබූ අත් බෑගය ද කොල්ල කා ඇතැයි පොලිසිය කියයි
කොල්ලකරුවෙකුගේ අතේ තිබූ පිහිය වැදීමෙන් ආරක්ෂක නිලධාරිනියගේ වම් අතේ මැණික් කටුව අසල තුවාල සිදුවී වී ඇති අතර ඇය එම අවස්ථාවේ බිම වැටීම හේතුවෙන් ව්ම් පාදයේ දණහිසට පහළින් ද තුවාල සිදුවී ඇතැයි ද පොලීසිය කියයි
කිරිඇල්ල ඉඩංගොඩ ප්රදේශයේ පදිංචි ඇය සුපුරුදු ලෙස බස් රථයෙන් පැමිණ හොරණ බස් ඩිපෝව අසලින් බැස වවුලුගල මාර්ගයේ රැකියාව කරන ඇඟලුම් කර්මාන්ත ශාලාව වෙත පාගමනින් යමින් සිටියදී ඇය ඉදිරිපිටට පැමිණ තිබූ දෙදෙනෙකු රැගත් යතුරු පැදිය ඇය අසල නවතා අයකු බැස ඇය අසලට පැමිණ මෙම කොල්ලය සිදු කර තිබූ බව පොලිසිය කියයි
හොරණ මූලස්ථාන ප්රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ උපදෙස් මත පරීක්ෂණ පැවැත්වේ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
