එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතිත්වය මාසයක කාලයක් සඳහා රුසියාවට හිමිව තිබේ. රුසියාවට සභාපතිත්වය නොදෙන ලෙස යුක්රේනයආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටින අවස්ථාවක මෙම තීරණය ගෙන තිබේ.
ආරක්ෂක කවුන්සිලය සාමාජිකයින් 15 දෙනෙකුගෙන් සමන්විත වන අතර මාසයෙන් මාසය එහි සභාපතිත්වය සාමාජිකයන් අතර මාරු වෙයි. රුසියාව අවසන් වරට 2022 පෙබරවාරි මාසයේදී රුසියාව අවසන්වරට එහි සභාපතිත්වයට පත්විය.