මාදම්පේ නව නගරයෙ හි පිහිටි අයි.ඕ.සී.ඉන්ධන හලින් ඉන්ධන ලබා ගැනිමට ජනතාව දින කිපයක් බලා සිටියදී මැරයින් පිරිසක් හිතුමතේ ඉන්ධන ලබා ගෙන යාමේන් තමන් අසරණ වී ඇති බව ජනතාව චෝදනා කරතී.
ඉන්ධන ලබා ගැනිමට පැමින සිටි ජනතාව පවසන්නේ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ සිට පැමිනි 50 කට ආසන්න මැරයින් පිරිසක් මෙසේ දහසකට ආසන්න පිරිසක් බලා සිටියදී ආරක්ෂක අංශ වලට බලපෑම් කරමින් ඉන්ධන ලබා ගන්නා බව ජනතාව පවසති.
ඉන්ධන ලබා දිමේදි ජනතාවට ටෝකන් ලබා දී තිබියදි එය තුට්ටුවකට ගනන් නොගන්නා මෙම මැරයින් ඉන්ධන හල් වල ආරක්ෂාව රැදි සිටින ආරක්ෂක අංශ තුට්ටුවකට මායිම් නොකරන බව කියති.
කෙසේ නමුත් මෙම මැරයින් පාලනය කිරීමට යුධ හමුදාව 2 දින පැමින ඉන්ධන ලබා දීම සාමාන්‍ය ආකාරයෙන් සිදුකරමින් පවතිද්දී එම ස්ථානයට කඩා වැදුන මැරයින් ඉන්ධන ලබා දීම කඩාකප්පල් කරමින් හැසිරිමත් සමග යුධ හමුදාව ඉන්ධන ලබා දීම නවතා පිටත්ව ගොස් ඇත්තේ මැරයින්ගේ කටයුතු පාලනය කිරීමට නොහැකි විමේන් බව පැවසෙයි.
නමුත් පසුව 3 දින මෙම ඉන්ධන හලෙ ඉන්ධන නිකුත් කිරීමට නාවික හමුදාව 3 දින දහවල් ආරම්භ කර ජනතාවට ඉන්ධන නිකුත් කරමින් සිටියදී නැවත කඩා වැදි ඇති මෙම මැරයින් පිරිස නාවික හමුදා නිළධාරින්ගේ රාජකාරියටද බලපැම් කිරීමත් ටෝකන් ලබා දිමකින් තොරව නාවික හමුදාවද ඉවත් වි ගිය බව පැවසෙයි.
ජනතාව පවසන්නේ මෙම මැර කල්ලිය මෙහෙය වන්නේ මාදම්පේ සුදුවැල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ මැර කල්ලියක් බව ජනතාව දැඩි ලෙස චෝදනා එල්ල කරති.
මේ ආකාරයට මාදම්පෙ නව නගරයෙ ඉන්ධන හල මැරයින් විසින් පාලනය කිරීමත් සමග ජනතාව අසරණ වී සිටින බව ඔවුහු පවසති.
