ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සදහා නව පත්වීම් ලද අධ්යක්ෂ මණ්ඩලය ගුවන්සේවා හා ආයෝජන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක හා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ සභාපති රාජා එදිරිසූරිය යන මහත්වරුන් හමුව පසුගියදා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේදී සිදු විය.
නව අධ්යක්ෂ මණ්ඩලයට ආචාර්ය ලෝරන්ස් පෙරේරා , ජනාධිපති නීතීඥ කුෂාන් ඩී අල්විස්, අතුල හපුතන්ත්‍රි හා ජයමින් පැල්පොල යන මහත්වරු ඇතුලත්වේ.
මෙම හමුවේදී, ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතු දැනුම හා අත්දැකිම් උපයෝගී කර ගනිමින් නිෂ්පාදන හා අපනයනය ක්‍රියාවලිය විවිධාංගිකරණය ඉලක්ක කරගත් ආයෝජන ප්‍රවර්ධන වැඩපිළිවලක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය සාකච්ඡා කළ අතර, රට තුලට වැඩි වශයෙන් සෘජු විදේශ ආයෝජන ආකර්ශණය කර ගැනීමේ අවශ්‍යතාවයද මෙහිදී සාකච්ඡා කෙරිණි.
