ආයෝජකයින්ට පහසුකම් සැලසීමට මධ්‍යස්ථානයක්
දේශීය ආයෝජන ආරම්භ කිරීමේදී පවතින පරිපාලනමය බාධා සහ අනුමැති ලබාගැනීමේ ප්‍රමාදයන් අවම කරමින් ආයෝජන හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
විවිධ රාජ්‍ය ආයතන අතර බෙදී පවතින අනුමැති ක්‍රියාවලීන්, ආයතන අතර ප්‍රමාණවත් සම්බන්ධීකරණයක් නොමැතිවීම සහ ආයතනික බලතලවල පවතින අතිපිහිත තත්ත්වයන් හේතුවෙන් මෙරට දේශීය ආයෝජන ක්ෂේත්රය අභියෝග රැසකට මුහුණ දී ඇති බව හඳුනාගෙන තිබේ.
විශේෂයෙන් ව්‍යාපෘති සඳහා ඉඩම් වෙන්කරවා ගැනීම, පාරිසරික අනුමැති සහ නියාමන බලපත්‍ර ලබාගැනීම, විදුලි හා ජල සම්බන්ධතා ලබාගැනීම මෙන්ම බැංකු හා මූල්‍ය පහසුකම් සලසා ගැනීමේදී සිදුවන ප්‍රමාදයන් හේතුවෙන් ආයෝජකයින් අපහසුතාවට පත්වන අතර, ඇතැම් අවස්ථාවලදී ආයෝජන සඳහා ඔවුන් අධෛර්යයට පත්වන බවද හඳුනාගෙන ඇත.
ඒ අනුව, ව්‍යාපාර ආරම්භ කිරීමට අපේක්ෂා කරන දේශීය ව්‍යවසායකයින්ට අවශ්‍ය මගපෙන්වීම සහ පහසුකම් සැලසීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය යටතේ මෙම ජාතික ව්‍යාපාර පහසුකම් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමට නියමිතය.
ආයෝජන සඳහා පවතින පරිපාලනමය බාධා ඉවත් කරමින් කර්මාන්ත ක්ෂේත්රයේ ප්‍රතිපත්ති ප්‍රශස්තකරණය සඳහා ඉහළ අධිකාරිත්වයක් සහිතව මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබාදී තිබේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

