මින් ඉදිරියට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග එක්ව තරග නොකරන බවත් ඉදිරියේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නොමැති සන්ධානයක් ගොඩනගන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති, හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
එසේම වත්මන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලනය පිළිබඳව රටම කල කිරිමකට ලක්ව ඇති බවත් පොහොට්ටුව පිළිබඳව කළ කිරීමට පත්නොවූ කිසිවෙක් නොමැති බවත් ඔහු පැවැසීය.
යූ ටියුබ් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව සඳහන් කළේය.
එසේම තමන්ට නොබෙල් සාම ත්‍යාගය ලැබීමට තිබූ අවස්ථාව අහිමි කළේ එවකට ආණ්ඩුවේ සිටි අනිත් පාර්ශ්වය බවත් ඔවුන් නොබෙල් සාම ත්‍යාගය එවකට අග්‍රාමාත්‍යවරයාටද ලබාදෙන ලෙස ඉල්ලීම් කරමින් එය අවුල් කළ බවත් හිටපු ජනපතිවරයා වැඩිදුරටත් පැවැසීය.
