ආයුර්වේද ක්ෂේත්රයේ වෛද්‍යවරුන් 304 ක් සදහා පත්වීම් ලබාදීමට අනුමතව තිබේ.
ඒ අනුව එම පත්විම් කඩිනමින් ලබාදීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළේය.
කෙසේවුවද තවත් එම වෛද්‍යවරුන් 1000 කට වඩා සිටින බවත් ඔවුන් සියලු දෙන රජයට බඳවා ගත නොහැකි බවත් සදහන් කල අමාත්‍යවරයා, සීමාවාසික පුහුණූව ලබාදුන් පසු මෙරට හෝ විදෙස්ගතව සේවය කරන්න අවස්ථාව ඔවුන් සඳහා සලසා දිය හැකි බව පැවසීය.
මීට අමතරව ඉදිරි පියවරක දී රජයට බඳවා ගෙන ඉන් යම් ප්‍රමාණයක් සංචාරක ක්ෂේයට ලබාදිය හැකි ද යන්න පිළිබඳ අවධානය යොමු කර ඇති බවද ජයතිස්ස මහතා වැඩිදුරටත් සදහන් කළේය.