ආබාධිත හා මියගිය රණවිරුවන්ට දිවි ඇති තෙක් වැටුප් හා දීමනා
මෙහෙයුම් රාජකාරී කටයුතුවල දී හෝ ත්‍රස්තවාදී කි‍්‍රයා හේතු කොටගෙන හෝ වෙනත් නීතිය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු නිසා හෝ ආබාධිත ති‍්‍රවිධ හමුදා රණවිරුවන්ට සහ මියගිය රණවිරුවන්ගේ බිරින්දෑවරුන් / යැපෙන්නන් වෙත වයස අවුරුදු 55 දක්වා ගෙවන ලද වැටුප් සහ දීමනා ජීවිතාන්තය දක්වා ගෙවීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි පියවර ගැනේ.
ඒ අනුව ඉදිරි මාස දෙකක් තුළ ඒ ස`දහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට නියමිතය.
ආබාධිත රණවිරුවන්ගේ දීර්ඝකාලීන ඉල්ලීමක් වූ මෙම ගැටලුව විසඳීම සඳීහා ජනාධිපතිගේ මැදිහත්වීම මත ආරක්ෂක අමාත්‍යාංශය ගෙන ඇති පියවර පිළිබඳ දැනුවත් කිරීමට ඊයේ (25දා) ජනාධිපති කාර්යාලයේ පැවති හමුවක දී මේ බව සඳහන් කෙරිණි.
ආබාධිත හා මියගිය රණවිරුවන්ගේ ජාතික සංසදය, රණවිරු බිරින්දෑවරුන්ගේ දිස්ති‍්‍රක් සහ ජාතික සංවිධාන නියෝජනය කරමින් නියෝජිතයන් එම හමුවට කැ`දවා තිබිණි.
ආබාධිත රණවිරුවන් විසින් ඉල්ලීම් 08 ක් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා වෙත ඉදිරිපත් කර තිබූ අතර එම සියලු ගැටලුවලට විසඳුම් ලබාදිමට ජනාධිපතිගේ මගපෙන්වීමෙන් මේ වන විට පියවර ගෙන තිබේ.
popular news
-
Champa Saturday, 26 January 2019 09:50 PM
මේ ඉල්ලීම 2015 කරපු එකක්. දුන්නේ 2019 මැතිවරණ වර්ෂයේ. 2015 ට කලිනුත් ඉල්ලලා තිබුනද දන්නේ නැහැ.
Reply : 0 0
janatha anura Sunday, 27 January 2019 02:03 PM
ආබාධිත රණවිරුවන්ට දිවි ඇති තෙක් සිර දඬුවම් එලෙසම ක්‍රියාත්මක කරන බවට සහතිකයක්......
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
