පුද්ගලික බැංකු ගිණුමක රුපියල් කෝටි 7 1/2. මුදලක් ගිණුම් ගත කරවාගෙන සිටි ආපන ශාලාවක සේවිකාවක් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශය මගින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි (31) හැවිරිදී තරුණියකි.
මෙම තරුණිය දෙමටගොඩ ප්‍රදේශයේ පුද්ගලික බැංකු ශාඛාවක ගිණුමක් පවත්වාගෙන යන බවත් එම ගිණුමට අවස්ථා 134 දි රුපියල් 7,64,13,972: ක් මුදලක් වරින් වර බැර කර ඇති බවත්, එම මුදල් අවස්ථා 187 දි ඉහත තරුණිය ආපසු ලබා ගෙන ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මෙම ගිණුම සම්බන්ධයෙන් නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාශයට ලද තොරතුරකට අනුව සිදුකළ විමර්ශනයකදී මෙම මුදල් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගෙන ඇති බවට අනාවරණය වී ඇත.
එම කරුණු අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඉහත තරුණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි..