ආපදා රෝහල් ප්‍රතිස්ථාපනයට ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් රු. මි. 53 ක්
පසුගිය දිනවල මෙරටට බලපෑ හදිසි ආපදා තත්ත්වය හමුවේ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇති වී තිබෙන හානි පිළිබඳවත්, කාර්ය මණ්ඩලයට ඇති වී තිබෙන දුෂ්කරතා පිළිබඳවත් සොයා බැලීමට මෙන්ම එම දුෂ්කරතා වලට කඩිනමින් විසඳුම් ලබාදීමෙි අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ නිරීක්ෂණක යෙදෙන ලදි.
එහිදී ආපදා තත්ත්වය හේතුවෙන් නුවරඑළිය නව රෝහලේ ප්‍රධාන ගොඩනැගිලි සංකීර්ණයට සිදුව ඇති යැයි සැළකෙන හානි සහ අවධානම් තත්ත්වය පිළිබඳවත්, අවධානමට ලක් වූ පැරණි රෝහලේ මාතෘ හා ළමා ඒකකය, පිළිකා සහ අනෙකුත් සායන ඒකක පිළිබඳවත්, ජල ගැලීම්, නායයෑම් සහ පස් කඩාවැටීම් හේතුවෙන් මහල් 04 කින් යුත් ගොඩනැගිලි සංකීර්ණ 02 ක් ඇතුළුව විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද නිලනිවාස 08 ක් පත්ව ඇති අවධානම් තත්ත්වයන් මෙන්ම සම්පූර්ණයෙන් විනාශයට ලක්ව ඇති නේවාසිකාගාර පිළිබඳවත් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා මෙහිදී අවධානය යොමු කරන ලදි.
එම සියළු ස්ථාන වෙත ගොස් නිරීක්ෂණය කළ ලේකම්වරයා සියළු අභියෝගාත්මක තත්ත්වයන් කළමණාකරණය කර ගනිමින් ඉදිරි කටයුතු සැළසුම් සහගතව සිදු කිරීමට අවශ්‍ය උපදෙස් රෝහල් පාලන අධිකාරිය වෙත ලබාදෙන ලදි.
මෙම නිරීක්ෂණ අවස්ථාවට පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ව්‍යූහාත්මක ඉංජිනේරුවරුන් ද එක් විය.
නිරීක්ෂණයෙන් අනතුරුව රෝහල් පාලන අධිකාරිය, පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පිඨයේ ව්‍යූහාත්මක ඉංජිනේරුවන් සහ විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද කාර්ය මණ්ඩල සමග විශේෂ සාකච්ඡාවක් ද රෝහල් ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි.
මෙම හදිසි ආපදා තත්ත්වයට ප්‍රධාන වශයෙන් රෝහල් 03 ක් ගොදුරු බවත්, ජල සැපයුම, ප්‍රවාහනය සහ දුරකථන පහසුකම් දින 04 ක් පමණ කාලයක් ඇණහිටව පැවැති අවස්ථාවක නුවරඑළිය රෝහලේ රෝගී ජිවිත ආරක්ෂා කර ගනිමින් ව්‍යසනය හමුවෙි විකල්ප ක්‍රමවෙිද අනුගමනය කරමින් අඛණ්ඩව රෝගී ප්‍රතිකාර සේවා පවත්වාගෙන යාමට අධ්යක්ෂවරයා ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය කටයුතු කිරීම පිළිබඳව සෞඛ්‍ය ලේකම්වරයා රෝහල් අධ්යක්ෂවරයා ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලයට මෙහිදී සිය ස්තුතිය පුද කරන ලදි.
ආපදා තත්ත්වය හමුවෙි නේවාසිකාගාර වලට හානි සිදුවීම හේතුවෙන් නේවාසිකව සිටි රෝහල් කාර්ය මණ්ඩල මුහුණදෙන නේවාසික ගැටළුවට ඉදිරියේ දී කඩිනම් විකල්ප විසඳුම් ලබාදීමට පියවර ගන්නා බවත්, නේවාසිකව සිටි කාර්ය මණ්ඩල පිරිසක් රෝහල තුළ තවමත් රැදී සිටිමින් රාජකාරී සිදූ කරන බව ද අවධාරණය කරන ලදි.
මෙම අභියෝගාත්මක කාලය තුළ රෝහලට සිදුව ඇති හානි ප්‍රතිස්ථාපනය කරන ආකාරය පිළිබඳවත්, සෞඛ්‍ය අමාත්‍යංශය ඒ සඳහා ගනු ලබන තීන්දු තීරණ පිළිබඳවත් ඉදිරි කාලවකවානු තුළ මෙවැනි ව්‍යසන වලට මුහුණ දීමට රෝහල ශක්තිමත් කිරීම පිළිබඳවත් වැඩි අවධානයක් යොමු කළ බව ද ලේකම්වරයා මෙහිදී පැවසීය.
රෝහල සඳහා අවශ්‍ය හදිසි මුල්‍ය අවශ්‍යතා සපුරාලීමට සෞඛ්‍ය අමාත්‍යංශය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය රුපියල් මිලියන 53 ක් මුල්‍යාධාර ලබා දී ඇති බව ද ලේකම්වරයා මෙහිදී වැඩිදුරටත් පැවසී ය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

