හෙට (26දා) දිනයේදී පෙ.ව. 9.25 සිට පෙ.ව.9.27 දක්වා සුනාමි ව්‍යසනයෙන් හා විවිධ ආපදාවලින් මිය ගිය ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින විනාඩි දෙකක නිශ්ශබ්දතාව රැකීමට කටයුතු කරන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය මහජනතාවගෙන් ඉලලා සිටියි.
2005 වර්ෂයේ සිට සෑම වර්ෂයකම දෙසැම්බර් මස 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර එදින සුනාමි ව්‍යසනයෙන් සහ එදා මෙදා තුර විවිධ ආපදා නිසා රටේ මිය ගිය සියළුදෙනා සිහිපත් කරමින් අඛණ්ඩව ජාතික උත්සවයක් ලෙස ජනතා සහභාගිත්වයකින් සිදුකරන ලද බවද ඔවුන් දන්වා සිටියි..
මෙවර දෙසැම්බර් 26 වන දින “ජාතික සුරක්ෂිත දිනය” දිස්ත්‍රික් මට්ටමින් දිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධාන කර ඇති අතර ප්‍රධාන සැමරුම් උත්සවය ගාල්ල “පැරෑලිය සුනාමි ස්මාරකය” අභියස දී ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වැත්වීමට කටයුතු සැලසුම් කර ඇත.