වත්මන් ආර්ථික තත්වය නිසි ලෙස කළමනාකරණය සඳහා සීමිත කාලයකට ආනයන සීමා කිරීමට රජය තීරණය කර ඇත. මහබැංකු නිර්දේශ අනුව ක්‍රමවේද තුනක් යටතේ ආනයන සීමා ක්‍රියාත්මක කරන බව රජය ප්‍රකාශ කරයි.
පළමු ක්‍රමවේදය යටතේ ඇතැම් තෝරාගත් ආනයනික භාණ්ඩ සඳහා බදු පනවනු ලැබේ. දෙවැන්න යටතේ ඇතැම් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර ලබාගැනීම අනිවාර්ය කෙරේ. තුන්වන ක්‍රමවේදයට අනුව ඇතැම් ආනයනික භාණ්ඩ වලට බදු හා බලපත්‍ර පැනවීමට පියවර ගන්නා බව රජය පවසයි.
රටේ පවත්වනා ආර්ථික තත්වය ප්රශස්ත ලෙස කළමනාකරණය කරමින් වඩා යහපත් මූල්‍ය ස්ථාවරත්වයක් ඇති කිරීමට ආනයන සීමා කිරීමේ ක්රමෝපායන් ඉවහල් වනු ඇතැයි ආර්ථික විශේෂඥයින් විශ්වාසය පළ කර ඇතැයිද රජය නිවේදනය කරයි.
ආනයන සීමා කිරීමට අදාළ ගැසට් පත්‍රය අද (09දා) රජය නිකුත් කිරීමට නියමිතය.