ආනයනික මල්වලින් පළිබෝධකයින් පැතිර යන බවට වන ප්‍රචාර අසත්‍යයි
ශ්‍රී ලංකාවට ආනයනය කරන ලද කැපූ මල් කන්ටේනර් 18 ක් නිදහස් කිරීම මගින් පලිබෝධකයින් ව්‍යාප්ත වන බවට ඇතැම් පිරිස් ගෙන යන ප්‍රචාර සම්පූර්නයෙන් අසත්‍ය බවත් මෙවැනි ප්‍රචාර මගින් ශ්‍රී ලංකාවේ ශාඛ නිරෝධායන සේවාව ජාතික ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට ලක් වන බවත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් ආචාර්ය තුෂාර වික්‍රමාරච්චි මහතා ප්‍රකාශ කරයි.
කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල් තුෂාර වික්‍රාමාරච්චි මහතා මේ සම්බන්ධයෙන් තව දුරටත් මෙසේද සඳහන් කරන්නේ මෙරටට ආනයනය කරන ලද කැපු නැවුම් මල් තොගවල භයානක පළිබෝධකයින් සිටියදී ජාතික ශාක නිරෝධායන සේවය විසින් නිදහස් කර ඇති බවත් එම පළිබෝධකයින් රට තුළට ව්‍යාප්ත වීමේ අවදානමක් ඇති බවටත් සාවද්‍ය මතවාදයන් ජනගත කිරීමට ඇතැම් පිරිස් උත්සාහ කරමින් සිටීන බවත්ය.
"1999 අංක 35 දරන ශාක ආරක්ෂණ පනතේ අංක 4,5,6 වැනි වගන්තියන්ට අනුව ආනයනික බඩු තොගයන් පරීක්ෂා කිරීමට තමන් විසින් නම් කරන ලද ශාක නිරෝධායන බලය ලත් නිලධාරීන්ට බලතල ඇති බවත් අන්තර්ජාතික ශාක ආරක්ෂණ සම්මුතිය (IPPC) සහ ISPM - 20 හි සඳහන් ශාක නිරෝධායන ආනයන නියාමන මාර්ගෝපදේශ යටතේ මෙම නිරෝධායන බලධාරීන්ට ආනයන ද්‍රව්‍ය සම්බන්ධයෙන් විද්‍යාත්මක පියවර ගැනීමට පූර්ණ බලය ඇති බවත් සඳහන් කරයි. .
මේ දිනවල සමාජ කතාබහට ලක්ව ඇති කැපූ මල් කන්ටේනර් 18ක් නිදහස් කිරීම සම්බන්ධයෙන් තව දුරටත් පැහැදිලි කරන අධ්යක්ෂ ජනරාල් වරයා, 2026 ජනවාරි 12 දින මෙරටට ආනයනය කරන ලද මතභේදයට තුඩු දුන් මෙම බඩු තොගය ආනයනය කර ඇත්තේ සියලු නීත්‍යානුකූල පියවරයන් අනුගමනය කිරීමෙන් බවත් අදාළ සමාගම විසින් මල් ආනයන බලපත්‍රයක් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රයක් ඉදිරිපත් කොට ඒ අනුව ජාතික ශාක නිරෝධායන සේවය මගින් 2026.01.05 දින ලබාදෙන ලද අංක NPQS /FLO/2026/008 දරන මල් ආනයන බලපත්‍රය මගින් බවත් 2026.01.12 දින ඉන්දියානු ඉන්ඩිගෝ ගුවන් සේවයට අයත් ගුවන් යානයක් මගින් කාඩ්බෝඩ් පෙට්ටි 18ක මෙම මල් තොගය රටට ආනයනය කර ඇති බවත් එහි Air Bill නම්බර් එක වනුයේ 312 – 96356061 ය. .
ඒ අනුව එදින සේවයේ නියුතු බලයලත් නිලධාරීන් ආනයනයට අදාළ ලියකියවිලි පරීක්ෂා කර සෑහීමකට පත්වීමෙන් පසු අදාළ මල් තොගය භෞතික පරීක්ෂාවන්ට ලක් කර ඇති බවත් එම පෙට්ටි 18න් පෙට්ටි 15ක ක්‍රිසැන්තිමම් මල් කිනිති 3800ක් තිබූ බවයි. ඉතිරි පෙට්ටි තුනෙහි වෙනත් විවිධ වර්ගයන්ට අයත් කැපූ මල් තිබුණු බවත් සඳහන් කරයි . මෙම පෙට්ටි 18න් පෙට්ටි 12ක කිසිදු කෘමි පළිබෝධකයකු හෝ රෝග ලක්ෂණ නිරීක්ෂණය නොවූ නිසා ඒවා නිදහස් කර ඇති බවත් ක්‍රිසැන්තිමම් පෙට්ටි හයෙන් ලබාගත් නියැදි ආරක්ෂාකාරීව ජාතික ශාක නිරෝධායන සේවය වෙත යොමු කර කළ බවත් සඳහන් කරයි.
එම නියැදි කීට විද්‍යා සහ ව්‍යාධි විද්‍යා අංශවලදී පරීක්ෂණයට ලක් කර NPQS/OP/IMPORT/INT/TS/2026/013/003 දරණ පරීක්ෂණ වාර්තාව මගින් නිර්දේශ ලබාදී ඇත. මෙම රසායනාගාර පරීක්ෂණයන්ට අනුව ක්රිසන්තිමම් මල් වගාවට ආවේණික කෘමි පළිබෝධකයෙකු වන සුදු මැස්සාගේ ජීවන චක්‍රයේ මූලික අවස්ථාවන් ද ක්‍රිසැන්තිමම් වගාවේ රෝගයක් වන සුදු මලකඩ රෝග ලක්ෂණ හඳුනාගෙන ඇත. මෙම පළිබෝධකයා සහ රෝගය ශ්‍රී ලංකාවට අදාළව නිරෝධායන පළිබෝධකයින් ලෙස හඳුනාගෙන නැතත් විදේශීය රටක පළිබෝධකයින් වූ නිසාවෙන් අදාළ පෙට්ටි හය විනාශ කිරීමට නිර්දේශ ලබා දී ඇති අධ්යක්ෂ ජනරාල්වරායා සඳහන් කරයි.
කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ඇති දහන යන්ත්‍රයක් ආධාරයෙන් මෙම මල් තොගය 2026.01.30 දා පුළුස්සා විනාශ කර ඇති බවත් ඒ අනුව අදාළ මතභේදයට තුඩු දුන් මෙම මල් තොගය කිසිදු නීතිවිරෝධී හෝ කෘෂිකර්මාන්තයට අහිතකරවන ලෙස පිටතට යැවීමක් සිදුවී නොමැති බවත් අධ්යක්ෂ ජනරාල්වරයා සහතික කරයි.
මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ මගින් ජාත්‍යන්තර වෙළෙඳ හවුල්කරුවන් මධ්‍යයේ ශ්‍රී ලංකාවේ ශාක නිරෝධායන ක්‍රමවේදය පිළිබඳව පවතින විශ්වාසය පළුදු විය හැකි බවත් , අන්තර්ජාතික මට්ටමින් අප රටේ පවතින ශාක සනීපාරක්ෂක සේවාව ( Phyto Sanitary and Plant health status ) පිළිබඳව ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට හේතුවිය හැකි බවත් ශ්‍රේණිගත කිරීම් පහත වැටීමට මෙය හේතුවිය හැකි බවත් එය අවසානයේ අපගේ අපනයන වෙළඳපොළට දැඩි බලපෑමක් එල්ල කරනු ඇති බවත්ය.
එබැවින් ජාතික කෘෂිකර්මාන්තයේ සුරක්ෂිතතාවය උදෙසා කැපවී කටයුතු කරන ශාක නිරෝධායන සේවයේ වෘත්තීය ගරුත්වය කෙරෙහි ගරු කරන ලෙසත් සත්‍ය කරුණු තහවුරු කර නොගෙන ශාක නිරෝධායන සේවයේ කීර්ති නාමයට හානි වන අයුරින් ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු නොකරන ලෙසත් ඉල්ලා සිටින බවත් කෘෂිකර්ම අධ්යක්ෂ ජනරාල්වරයා තව දුරටත් සඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

