ආනයනය කර හෝ ජනතාවගේ කුසගින්න නිවීම මගේ වගකීමයි
රට තුළ නිෂ්පාදනය ප්‍රමාණවත් නැත්නම් ආනයනය කර හෝ ජනතාවගේ කුසගින්න නිවීම වෙළෙඳ අමාත්‍යවරයා ලෙස තම වගකීම බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ අදහස් පළ කලේ අද (22) වනදා කොල්ලුපිටියේ පිහිටි වෙළෙඳ අමාත්‍යාංශ පරිශ්‍ර බිම්මහලේ උමංදාව හරිත අලෙවිසැල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.
මෙහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, “ මීට වසර ගණනාවකට පෙර ළූණු අවශ්‍යතාවයෙන් 30% ක් පමණ දේශීයව නිෂ්පාදන කෙරුණත්, මේ වන විට 95% ක්ම ආනයනය කෙරෙන බවයි.ඒ අනුව වසරක අවශ්‍යයතාව ළූණු ටොන් ලක්ෂ 3 ක් වුවත් ඉන් දේශීයව නිෂ්පාදනය වන්නේ ටොන් 5000ක් පමණි.” දේශීය ගොවියා ගොවිතැනින් විතැන් වී ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා ඊට කඩිනම් විසදුම් අවැසි බවත්, නැත්නම් තත්ත්වය තවත් දරුණු විය හැකි බවද ප්‍රකාශ කර සිටියේය.
රටේ ජනතාවට අවශ්‍යය ආහාර ලබා දී ඔවුන්ගේ කුසගින්න නිවීම වෙළෙඳ අමාත්‍යවරයා ලෙස සිය වගකීම බව සඳහන් කළ අමාත්‍යවරයා, ඊට රටේ දේශීය නිෂ්පාදන ප්‍රමාණවත් නොවේ නම් ආනයනය කර හෝ ජනතාවට ලබා දීමට සිදුවන බවද තමාට දෝෂාරෝපණය කිරීමට හේතුවක් නොමැති බවද සඳහන් කරන ලදී.
popular news
-
Demuni de Silva Saturday, 26 August 2023 11:04 AM
We know that you have solely become an import minister !
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
