ගල්නෑව නගරයේ ප්‍රධාන පාසලක පැවති ආදී ශිෂ්‍ය ක්‍රිකට් තරඟයක් අවසානයේ, අධික වේගයෙන් ගමන් ගත් මෝටර් රථයක් අනතුරකට ලක්වීමෙන් එක් ආදි ශිෂ්‍යයෙකු ඊයේ (11දා) ජීවිතක්ෂයට පත්ව, තවත් දෙදෙනෙකු බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර බවත්, අනතුර සිදු කර පළාගිය රියදුරාද රහසිගතව ප්‍රතිකාර ලබමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටි බවද ගල්නෑව පොලිසිය පවසයි.
එම අනතුරින් අවාසනාවන්ත ලෙස මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අංක 219 සමාධි, හෙළබොදුගම ගල්නෑව ලිපිනය පදිංචි හේරත් මුදියන්සේලාගේ මිතුම් ජයනාත්, නැමැති 25 හැවිරිදි අවිවාහක තරුණයකු බව පොලීසිය කියයි.
එම විද්‍යාලයේ ආදී ශිෂ්‍යයන් විසින් සංවිධානය කර තිබූ ක්‍රිකට් තරඟය අවසානයේ මෙම මෝටර් රථය ගල්නෑව දෙස සිට බුල්නෑව දෙසට අධික වේගයෙන් ධාවනය කරමින් තිබියදී එම මාර්ගයේ 39 සහ 40 වන කිලෝමීටර කණුව අතර මාර්ගයෙන් ඉවතට පැන ඒ අසල තිබූ, මාර ගසක ගැටී පෙරළී යාමෙන් මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.
.
අනතුරුව සිදුවන අවස්ථාවේදී පුද්ගලයන් සිවුදෙනකු රථය ගමන් කර ඇති අතර අනතුර සිදු වීමෙන් අනතුරුව එහි රියැදුරු පලා ගොස් සිටියදී හඳුනා ගෙන තිබූ අතර අත්අඩංගුවට ගැනීමට නියමිතව තිබුණි.
අනතුරින් බරපතළ තුවාල ලැබූ කවිෂ්ක හංසික (21) තාරක දිල්ශාන් (24) නැමැති පුද්ගලයන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි.