අහිමි වූ රාජ්‍ය ආදායම නැවත ගොඩ නැගීම වෙනුවෙන් ආදායම් බදු ඉහළ නැංවීම මෙන්ම බදු දැළ පුළුල් කිරීමට රජය අපේක්ෂා කරන බව ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පැවැසිය.
එංලන්තයේ ද ඉකොනොමිස්ට් පුවත් සේවය සමග සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය. එසේම ජාතික ගුවන් සේවය වන ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්, ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ඛනිජ තෙල් සංස්ථාව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි සමාගම් රාජ්‍ය ආයතන කිහිපයක් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කළ යුතු බවත් ඔහු පැවැසිය. "අපි දැන් බලන්නේ සමහර රාජ්‍ය වත්කම් බැහැර කිරීමටයි, එමඟින් අපට ඩොලර් බිලියන 2-3ක් පමණ ලැබේවි." යැයි ඔහු පැවැසීය.
රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති විරුද්ධත්වය පිළිබඳව තමන් කනස්සල්ලට පත් නොවන බවත් “වැදගත් වන්නේ ජනතාවයි” ඔහු පැහැදිලි කළේය.
ශ්‍රී ලංකාව ආසියාවේ සෙසු රටවල් සමඟ ආර්ථික වශයෙන් වඩාත් ඒකාබද්ධ වීම තමාට අවශ්‍ය බව ද රාජ්‍ය නායකයා ප්‍රකාශ කළේය.