ලෝක ගුරු දිනයට සමගාමීව බගවන්තලාව ධර්ම කීර්ති විද්‍යාලයේ සිසු සිසුවියන් විසින් ආදර්ශමත් ගුරු දින සැමරුමක් අද (07) දින සංවිධානය කර තිබුණි.
එම විදුහලේ විදුහල්පති තිස්ස ශ්‍රී ගුණසිංහ මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලයට එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් විසින් නිර්මාණය කරන ලද නිළ ලාංඡනයක් ගුරුවරුන්ට පළදවා තූර් වාදනය මැද්දේ විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය පාසල වෙත කැදවාගෙන ගොස් විදුහල්පතිවරයා සහ ආචාර්ය මණ්ඩලය අතින් රුක් රෝපණ වැඩසටහනක්ද සිදු කරනු ලැබූහ.
ගුරු උපහාර උළෙලට අනවශ්‍ය වියදම් නොමැතිව රටට ආදරශයක් වන ආකාරයට ගුරු දින සැමරුම සැමරීමට එම පසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන් කටයුතු කර තිබූණි.(I J)
හැටන් රංජිත් රාජපක්ෂ


