දැනට සිර ගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව ලබාදීම වෙනුවෙන් කටයුතු කරන්නැයි ආණ්ඩු පක්ෂ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක් කළේය.
ඒ පිළිබඳව සලකා බලන ලෙස ඔහු ජනපතිවරයාට, අග්‍රමාත්‍යවරයාට හා අධිකරණ අමාත්‍යවරයාට ඉල්ලිමක් කළේය. රන්ජන් රාමනායක මහතා තම සිර දඩුවමින් මේ වන විට දින 500කට අධික ගණනක් ගෙවා ඇති බව ඔහු සඳහන් කළේය.