
පාර්ලිමේන්තුව තුල ස්වාධීන වූ ආණ්ඩු පක්ෂයේ මන්ත්රීවරුන් පිරිසක් සහ ඉන්දීය මහ කොමසාරිස්වරයා අතර හමුවක් ඊයේ (28) රාත්රියේ සිදුව තිබේ.
එහිදි ශ්රී ලංකාවේ වත්මන් ආර්ථික සහ දේශපාලන තත්ත්වය පිලිබඳ ඉන්දීය මහ කොමසාරිස්වරයා දැනුවත් කිරීමට අධාල මන්ත්රී කණ්ඩායම පියවර ගෙන ඇති අතර එහිදී ඉන්දියාවේ අඛණ්ඩව සහය පිලිබඳ මහ කොමසාරිස්වරයා දැනුවත් කිරීමටද පියවර ගෙන තිබේ.
එමෙන්ම ශ්රී ලංකාවේ ජනතාවට ලබා දුන් සහය පිලිබඳව එම මන්ත්රීවරුන් පිරිස ඉන්දිය මහකොමසාරිස්වරයා වෙත සිය ස්තූති පල කිරීමක්ද සිදුකර තිබේ.