ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කළා, භාණ්ඩාගාරය පළමු වතාවට උතුරලා ගිහිල්ලා
ආණ්ඩුව සාර්ව ආර්ථිකය ස්ථාවර කර ඇති බව පිළිගන්නා බවත් දන්නා ඉතිහාසයේ පළමු වතාවට භාණ්ඩාගාරය සතුව රුපියල් ට්රිලියනක මුදලක් ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදි පැවැසීය.
"අපි පිළිගන්නවා සාර්ව ආර්ථිකය මේ ආණ්ඩුව විසින් ස්ථාවර කර තියෙනවා කියලා. හැබැයි අපි අභියෝග කරනවා ඔබලාට ඊඟළට වර්ධනයක් ලබා ගන්න වැඩ පිළිවෙළක් නෑ කියලා. ජනපතිතුමාගේ දූෂණ විරෝධී වැඩපිළිවෙලට අපි අපි අගය කරනවා. මෙය හුදෙක් දේශපාලන දඩයමක් වෙන්න බෑ. ජනපතිතුමා වැඩේ ෂේප් කරන්න උත්සාහ කළා.
අපි හිතපු නැති විදිහට වාහනය ආනයනය සිදු වුණා. කවුරුත් හිතපු නැති විදිහට රජයට බදු ආදායමක් ලැබුණා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළ හරහා දැවැන්ත බදු ප්‍රමාණයක් ලබා ගනිද්දී භාණ්ඩාගාරය උතුරලා ගිහිල්ලා තියෙනවා පළමු වතාවට අපි දන්න ඉතිහාසයේ. හැම වෙලාවෙම අයිරාවක් තමයි තිබුණේ භාණ්ඩාගාරයේ. හැබැයි මේ පරා රුපියල් ට්‍රිලියනයක් තියෙනවා ලංකා බැංකුවෙයි මහජන බැංකුවෙයි වැඩපුර සල්ලි."
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

