පාර්ලිමේන්තුව තුළ ආණ්ඩුවට සහාය දුන් තවත් මන්ත්රීවරු තිදෙනෙක් විපක්ෂයේ අසුන් ගෙන තිබේ. පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ඉෂාක් රහුමාන්, ෆයිසාල් කාසිම්, එම්.එස්. තවුෆික් යන මන්ත්රිවරු මෙසේ විපක්ෂයේ අසුන් ගත්හ.
පසුගිය පාර්ලමේන්තු මැතිවරණයේදි මොවුන් සමගි ජනබලවේගයට සහාය දෙමින් පාර්ලිමේන්තුවට පිවිසි අය වෙති. විසිවැනි ආණ්ඩුක්රම වයවස්ථා සංශෝධනයේදි මෙම මන්ත්රීවරුන් ආණ්ඩුවට පක්ෂව ඡන්දය ලබාදුන්නේය.
ෆයිසාල් කාසිම් හා එම්.එස්. තවුෆික් යන මහත්වරුන් මුස්ලිම් කොංග්රසය නියොජය කරන අතර ඉෂාක් රහුමාන් මහතා සමස්ත ලංකා මහජන කොංග්රසය නියෝජනය කරයි.