වර්තමාන ආණ්ඩුව වෙනස් කරන්න පුළුල් මහජන ව්‍යාපාරයක් අවශ්‍ය බව ජාතික ජන බලවේගයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා කීය.
මහනුවර ඕක්රේ හෝටලයේදී අද (05දා) සවස පැවැති ව්‍යාපාරික හමුවකදී අනුර කුමාර දිසානායක මහතා එසේ කීය. මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මෙසේ ද කීය.
“සමහර අය අපෙන් අහනවා ජාතික මැතිවරණයකට තව කොච්චර කාලයක් තියෙනවද කියලා. අවුරුදු තුනක් තියනව කිව්වම තුනක් ගිහින් අරන් හදන්න පුළුවන්ද කියලත් අහනවා. ගත්තත් වැඩක් නැති වෙයි නේද කියලත් අහනවා. අද අපට අවශ්‍ය හුදු ආණ්ඩු මාරුවක් නෙවෙයි. අපේ රටමේ වන විට වැටෙන්න පුළුවන් පතුලටම වැටිලයි තියෙන්නේ.
මේ රට ගොඩ නැගීම සඳහා අපට මාවතක් තියෙන්න ඕන. බලය ලබාගැනීමයි රට ගොඩ නැගීමයි එනැනට ගැහිල යි තියෙන්නේ. අද ආණ්ඩු මාරුවක් වෙන්න ඕන වෙලා තියෙන්නේ ඡන්ද දායකයා හුදු ඡන්ද පොළට ගිහින් කතිරයක් ගැසීමෙන් නෙවෙයි. අපේ රටේ ආණ්ඩු මාරු වුණේ එහෙමනේ. බලය ලබා ගැනීම සඳහාත් බලය ලබා ගත් පසු මේ රට ගොඩ නැගීම සඳහාත් විශාල මහජන ව්‍යාපාරයක් හදන්න ඕන. හුදු පක්ෂයක් අතට බලය ලබා දීමෙන් මේ රටගොඩ නගන්න බෑ.
අද අපට අවශ්‍යයි පක්ෂ පාට සීමාවන් ඉක්මවා යන මහජන ව්‍යාපාරක්. අපි පක්ෂ සීමාව ඉක්මවා යන මහජන ව්‍යාපාරක් . මේ අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වන්නේ හුදු පක්ෂයක් අතට බලය ලබා දීමෙන් නොව මහජන ව්‍යාපාරයක් අතට බලය මාරු කිරීමෙන්.”