ආණ්ඩුව රට විකුණන බවත් රට රැකගැනීමට පෙරට එන ලෙසත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා පේමචන්ද්‍ර මහත්මිය පැවැසුවාය.
කුරුණෑගල පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.
“රටක් විදියට රජයක් විදියට ජාත්‍යන්තර දීලා තියෙන පොරොන්දු ඉෂ්ට කළේ නැත්නම් අපි රටක් විදියට තනි වෙනවා. රටෙන් කෑල්ලක් දෙනවා කියලා පොරොන්දු වෙලා ණය අරගන දුන්න පොරොන්දු කඩ කරන බොරුකාර ආණ්ඩුවක් දැන් තියෙන්නේ. මේ විදියට ගිහිල්ලා රටේ කෑලි එක එක රටවල් වලට ණයට හිලව් වෙන්න විකුණුවාම අන්තිමට අපිට ඉන්න රටක් ඉතිරි වෙන්නේ නැති වෙයි.
දැන් ඉන්න නායකයෝ අපේ රට තුනට හතරට කඩලා විකුණාගෙන කනවා. ජනතාව බඩගින්නේ. ජනතාවට දැන් නැගිටලා ඉන්න පණ නැහැ. රටේ ජනතාව දැන් මේ අකටයුතුකම් වලට ඉදිරියට ඇවිත් පැහැදිලිවම විරෝධය පළ කළ යුතුයි. දැන් මේ ආණ්ඩුව නැති කරන්න හදන්නේ ඔබේ දරුවාට තියෙන රටයි.
ඇති හැකි මිනිස්සු මොනවා හරි කරලා තමන්ගේ දරුවෝ පිටරටකට යවයි. හැබැයි මේ රටේ ඉන්න සාමාන්‍ය ජනතාවට ඉපදෙන්නත් වැළලෙන්නත් තියෙන්නේ මේ පුංචි රට විතරයි. මේ ආණ්ඩුව මේ විදියට රට විකුණාගෙන කන්න ගියොත් අන්තිමට රටේ ජනතාවට නිදහසේ වැළලෙන්නත් රටක් නැති වෙයි.
අපිට කියලා තියෙන සිංහල බෞද්ධ එකම රට රැකගන්න පෙරට එන්න කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.හරිම කණගාටුයි රටේ වෙන දේවල් දැක්කාම.”