පවතින ආණ්ඩුව පෙරළා දේශපාලන බලය ලබාගැනීම තම අරමුණ නොවන බවත්,රටේ ප්‍රශ්න විසඳා ගැනීමට පක්ෂ විපක්ෂ සියලු දෙනා එකට එක්විය යුතු බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ඔහු මේ බව පවසා සිටියේ අද (28දා) පොළොන්නරුව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ පාසල් සිසු දරු දැරියන් සඳහා පොත් කට්ටල ප්රදානය කිරීමේ අවස්ථාවකට එක්වෙමිනි.
"අපි විශේෂයෙන්ම අද රට තිබෙන තත්ත්වය දන්නවා. ලෝකයේ තිබෙන තත්ත්වය ඔබ දන්නවා. අද ලෝකය යුද පිටියක් වෙන්න පටන් අරගෙන තිබෙනවා.මේවා සමගින් අප වැනි දුප්පත් රටකට ප්‍රශ්න රාශියක් එන්න පුළුවන්කමක් තිබෙනවා.ඒ නිසා අපි ලොකු සූදානම් වීමක් අවශ්‍ය වෙලාවක් මේක.
අපිට ආණ්ඩුව පෙරළා දේශපාලන බලයක් නෙමෙයි අවශ්‍ය. රට තිබෙන තැනින් ගොඩ ගන්නයි අවශ්‍ය.අපි හැම කෙනෙක්ම දේශපාලන නායකයෝ. කළු සුදු බලන්නේ නැතුව අපි හැමෝම එකතු වෙලාමේ රට වෙනුවෙන් යම්වැඩපිළිවෙළක් හදන්න ඕන එක මේසයක වාඩි වෙලා.කවුද ජනපති, කවුද අගමැති ඒවා නෙමෙයි ඔළුවේ තියෙන්න ඕනේ දවස ජීවත් වෙන්නේ කොහොමද, දවසේ කන්නේ බොන්නේ කොහොමද, දවසේ දරුවන්ගේ වැඩ ටික කොහොමද කරගෙන යන්නේ කියලා.
අද රටේ ප්රශ්නය මැතිවරණ පිළිබඳ ප්‍රශ්න නෙමෙයි රටේ ප්රශ්නය ජීවත්වීම පිළිබඳ ඇති වෙලා තිබෙන නොසන්සුන්තාව. එය විසඳන්න ආණ්ඩුව ප්රමුඛව සියලු දේශපාලන පක්ෂ එකට එක්විය යුතුයි. තනතුරු බලය නෙමෙයි අපට අවශ්‍ය මිනිස්සුන්ට වෙන්න යන මේ බරපතළ ආර්ථික අමාරුවත් එක්ක ප්‍රශ්න විසඳා ගන්නා ආකාරය හිතා බැලීමයි" යනුවෙන් පැවසීය.
