ආණ්ඩුව තමන්ගේ පළමු මාස 11 දී දුෂණ, වංචා, අල්ලස් හා නාස්තිය පිළිබඳ පරීක්ෂණයෙන් අසමත් වී ඇති බව දුෂණ විරෝධි පෙරමුණ පවසයි. එම පෙරමුණේ උපදේශක කීර්ති තෙන්නකෝන් මහතා අද පෙරවරුවේ රාජගිරිය පැවති මාධ්‍ය හමුවක දී මේ බව පැවසීය.
“දුෂණ විරෝධී පෙරමුණ විසින් ගොනුකල දෙවැනි පැමිණිල්ල හිටපු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන සම්බන්ධයෙන්. ඔහුට එරෙහිව දුසිමකට වැඩිය චෝදනා තියෙනවා. නමුත් අද ඔහු ඉන්නේ ඇමති ආරක්ෂාව යටතේ. මෙහෙම වෙන්නේ කොහොමද? ඔහු රජයේ සාක්ෂිකාරයා වෙන්නේ මොන නඩුවේ ද? කියලා කියන්න කාටවත් බෑ. කවුරුත් දන්නෙත් නෑ.
ඒ වගේම දළදා වහන්සේගේ භාරකාරයා දියවඩන නිලමේට විරුද්ධව දුෂණ විරෝධී පෙරමුණ පැමිණිලි කලා. ඒවා හුදෙක් පැමිණිලි නෙවෙයි. සියලු තොරුතුරු දත්ත සහිතව ඉදිරිපත් කරපු පැමිණිලි . අද වෙනකොට මේ පැමිණිල්ල යට ගහලා තිබෙනවා. හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කියනවා ජාතික ආරක්ෂාව අනතුරේ කියලා. ජොන්ස්ටන්ට විරුද්ධව චෝදනා 5ක් තිබෙනවා."