ආණ්ඩුව දවස් 13 ට රුපියල් කෝටි 41,900 ක ණය අරං
2024 ඔක්තෝබර් 2 දින සිට 15 දක්වා දවස් 13 ට රජය රුපියල් කෝටි 41,900 ක් හෙවත් රුපියල් මිලියන 419,000 ක භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර ණය ලබා ගෙන ඇතැයි මාතලේ දිස්ත්රික් සජබ කණ්ඩායම් නායිකා රෝහිණී කවිරත්න පැවසුවාය.
රජය දිගින් දිගටම අසීමාන්තිකව ණය ලබා ගනිමින් සිටිනවා. හැබැයි දැනෙන සහනයක් රටට ලැබෙන්නේ නම් නෑ. තවමත් විශ්රාමිකයින්ට ලැබිය යුතු රු. 3000 බැගින් වන මාස දෙකක හිඟ මුදල් ගෙවා ගන්න බැරිව ඉන්නවා. රාජ්ය සේවකයින්ගේ වැඩි කළ වැටුප ගෙවන්න බැරි බව මේ වෙන කොටත් පැහැදිලිවම පේන්න තියෙනවා යැයි කවිරත්න මහත්මිය පැවසූවේ දඹුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමිනි.
⚫️ඔක්තෝම්බර් 02 :- රුපියල් බිලියන් 142.2 නොහොත් රුපියල් කෝටි 14,200
⚫️ඔක්තෝම්බර් 09 :- රුපියල් බිලියන් 85 නොහොත් රුපියල් කෝටි 8,500
⚫️ඔක්තෝම්බර් 11 :- රුපියල් බිලියන් 95 නොහොත් රුපියල් කෝටි 9,500
⚫️ඔක්තෝම්බර් 15 :- රුපියල් බිලියන් 97 නොහොත් රුපියල් කෝටි 9,700 ක් ලෙස රජය අලුත් ණය ලබා ගෙන තියෙනවා.
පසුගිය දවස් කිහිපය තුල රජය දවසකට රු. කෝටි 3,223 ක් බැගින්, ඒ කියන්නේ පැයකට රු. කෝටි 134.29 බැගින් ණය ලබාගෙන තියෙනවා. මේ ණය අරගෙන කරන්නේ මොනවාද? මේ ණය වලින් කරන ආයෝජනය මොකක්ද? රජය පැහැදිලි කළ යුතුයි
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
