පසුගිය එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පැවති සමයේ තමා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් පත්ව සිටියදි ගුරු විදුහල්පති වැටුප් විෂමතා විසඳන්නට කටයුතු කළ බවත් පවතින ආණ්ඩුව බලයට පත්විමෙන් පසු ගත් ක්‍රියාමාර්ග හේතුවෙන් එය ඉජු කරන්නට නොහැකිව ඇති බවත් එක්සත් ජාතික පක්ෂ හිටපු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.
ඊයේ මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු සඳහන් කළේ තම ආණ්ඩුව පවතිද්දි 2018 වර්ෂයේදි ආරම්භ කළ ගුරු විදුහල්පති වැටුප් ගැටුලුව විසඳිමේ වැඩපිළිවෙල සඳහා අවශ්‍ය මුදල් වෙන් කරන්නට කටයුතු කළේ ලභ ලබන ආයතනවලට වැට් බදු නිකුත් කිරිමෙන් බවත් මෙම ආණ්ඩුව පත්විමෙන් පසු වැට් බදු ඉවත් කිරිමෙන් ආණ්ඩුව තමන්ට ඡන්දය ගුරුවරුන්ට ගැසු බවත්ය.
ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ආරක්ෂා කරන්නට මෙම ආණ්ඩුව කටයුතු කිරිම හේතුවෙන් මේ වන විට සෑම අතින්ම ආණ්ඩුව හිරවි ඇති බවත් එබැවින් දුක්විදින ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට කිරිමට පවා අසමත්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.