මාස 6කට ආසන්න කාලයක් ඩොලරයක අගයක රුපියල් 200ක අගය පවත්වාගෙන යාම සඳහා ආණ්ඩුව විනිමය වෙළඳපොළට ඩොලර් බිලියන 1.5ක් පමණ යොමුකර ඇති බව පාර්ලිමේන්තු මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පවසයි.
"මේක බන්දුල ගුණවර්ධන ඇමතිතුමාගේ වචන වලින්ම කියනවානම් ඩොලර් බිලියන 1.5ක් පිච්චුවා" යැයි ඔහු පැවැසීය.
එසේම රුපියල ස්ථාවරව පවත්වාගෙන යාම හේතුවෙන් ලැබීමට නියමිතව තිබූ ඩොලර් බිලියන 2.5ක් පමණ අහිමි වූ බවද ඔහු ප්රකාශ කළේය.
මේ අනුව ආණ්ඩුව විසින් විනාශ කළ අගය ඩොලර් බිලියන 4ක් පමණ වන බවද ඔහු සඳහන් කළේය.
රැපියල පා කර හැරීමත් සමග මහ බැංකුව බලාපොරොත්තු වන ආකාරයට එය රුපියල් 230ක අගයේ නොපවතින බවත් ඔහු පැවැසීය.