වත්මන් ආණ්ඩුව ඉබි ගමනේ යන ආණ්ඩුවක් බවත් රජයේ වැඩපිලිවෙල පිළිබඳ සෑහීමකට පත් නොවන බවත් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.
ජාත්‍යන්තර හෙද දිනයට සමගාමීව පොළොන්නරු දිස්ත්‍රික්කයේ පැවැති හෙද දින සැමරුම් උත්සවය සඳහා ප්‍රධාන ආරාධිතයා ලෙස ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා එක්වෙමින් රැස්ව සිටි රාජ්‍ය සෞඛ්‍ය සේවක නිලධාරින් අමතමින් මෙම අදහස් දැක්වීම සිදුකළේය.මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඩඩ්ලි සිරිසේන මහතා මෙසේද පවසා සිටියේය.
"ඔබලාගේ වැඩ වර්ජනය තුළින් මහජනතාවට වන හානිය ,ඔබලාගේ වැඩ වර්ජනය වැරදියි කියන එක නෙමෙයි මම මේ කියන්නේ ඔබලාගේ මේ සියලුම ප්‍රශ්න සියලුම ගැටලු ආර්ථිකමය ප්‍රශ්න තමයි සියයට 99% ක්ම තියෙන්නේ ආර්ථිකමය වශයෙන් මෙම ක්‍රමවේදය විසඳන ක්‍රමයක් තියෙන පාලකයෝ මේ රටට බිහි නොවීම පිළිබඳව මම හරියට කණගාටු වෙනවා, දුක් වෙනවා.
මට කියන්න තියන්නේ නව ජනාධිපතිවරයාටත් නව රජයටත් මේ යන ඉබි ගමන පිළිබඳව මට කිසි සතුටක් නෑ. මම මේක මට කියලා කියන්නේ මේක පොදුයි මේ කතාව මීට වැඩිය එම වෛද්‍ය ක්ෂේත්රයේ පමණක් නොව රාජ්‍ය සේවයේ තියෙන විවිධ ගැටලු දෙකෙන් සමහර දේවල් තියෙනවා බොහෝ දේවල් මේ රට තුළ විසඳගන්න පුළුවන් ප්‍රතිපත්තිමය තීන්දුවට ආවා. ඒ ගැන මිනිස්සුන්ට විශ්වාසයක් තියෙන්න ඕන .
ඒක නිසා නව රජයේ නව වැඩපිළිවෙළ තුළ මේ යන රාජ්‍ය සේවය තුළ මේ අර්බුදකාරී තත්ත්වයන් ඇති නොවෙන්න නම් ඔවුන් ආර්ථිකමය වශයෙන් මුහුණ දෙන ඒ වැඩ පිළිවෙල ශක්තියක් වෙලා වෙන කිසිම ඔය වෘත්තිය සමිති ඔය වෘත්තීය සමිතිවල කෙරුවාවත් මට පේනවා. එක එක කාලවල එක එක පක්ෂයේ බලයට ආවහම ඒ ආපු එකාගේ කට්ටිය තමයි බලවත්ම කට්ටිය .එහෙම වෙන්න බෑ. මේ රට තුළ ජාතික ප්‍රතිපත්තියක් හදලා ඉදිරියට ගෙන යෑමේ ශක්තියක් අත්‍යවශ්‍යයි."