ආණ්ඩුවේ මැති ඇමතිවරු 30 ක් රනිල්ට සහය දෙන බව මහින්දගේ මූණටම කියයි
ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ ඊයේ (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.
මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමටහානිවියහැකිබවදඔවුන්හිටපුජනාධිපතිවරයාටපෙන්වාදීතිබේ.
එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔව්හු හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.
එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

